කොළඹ – නුවර මාර්ගය කෑගල්ල මිහිපිටිය ප්‍රදේශයෙන් වසා දමයි

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයෙන් වසා දමන බව අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශය නායයෑමේ අවදානමක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එබැවින් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.