නාමල්ට එල්ල වන චෝද­නා­වට නාමල්ම පිළි­තුරු දුන්නා නම් හොඳයි

නාමල් රාජ­පක්ෂ මහතා කළ යුත්තේ තමන්ට එල්ල වී ඇති චෝද­නා­වට තමන් විසින්ම පිළි­තුරු දීම මිස වෙනත් අය ලවා පිළි­තුරු දීම නොවන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (25) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

පාර්ලි­මේ­න්තු­වේදී නොව නුගේ­ගො­ඩදී පිළි­තුරු දෙන බව පැව­සුව ද එහෙත් එවැ­න්නක් කොහේ­දි­වත් ඇසුනේ නැති බව හෙතෙම කීවේය. නාමල් රාජ­පක්ෂ මහතා තමන්ගේ නිවැ­රදි බව ඔප්පු කර එලෙස නොක­රන අයට ඉන් පසු අභි­යෝග කළ හැකි බව ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

“මම කළේ චෝද­නා­වක් නෙවෙයි. සමාජ මාධ්‍ය, වෙබ් සයිට් කිහි­ප­ය­කම සම්පූර්ණ වාර්තා­වක් පළ කරලා තිබුණා. මම කිව්වේ නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­ර­යට ඇවිල්ලා එතු­මට තිබෙන කළු පැල්ලම නිවැ­රදි කර­ගන්න පාර්ලි­මේ­න්තුවේ අව­ස්ථා­වක් තිබෙන එක ගැන. පාර්ලි­මේ­න්තුවේ දී ඒ ගැන කියන්නේ නැතුව නුගේ­ගො­ඩදි කිය­නවා කිව්වා. හැබැයි මට ඇහුනේ නැහැ කොහේ­දි­වත් ඒ ගැන කිය­නවා.

හොඳම වැඩේ තමයි අනිත් අයගේ කළු පැල්ලම් හොයන්න දෙයක් නැහැ තමන්ට කළු පැල්ල­මක් හෝ දෝෂා­රෝ­ප­ණ­යක් එල්ල කළා නම් පාර්ලි­මේ­න්තුවේ හෝ මාධ්‍ය ඉදි­රියේ අව­ස්ථා­වක් යොදා­ගෙන එය නිවැ­රදි කර­ගන්න එක.

පාර්ලි­මේ­න්තුවේ ගරු­ත්වය ආරක්ෂා කර­ගන්න නම්, නාමල්ට පුළු­වන් ඇවිල්ලා තමන්ට චෝද­නා­වක් එල්ල වෙනව නම්, එය නිවැ­රදි කර­ගන්න. තමන් වෙනු­වෙන් වෙන කෙනෙක් කතා කරලා පලක් නැහැ. අනිත් අය­ටත් එවැනි චෝදනා තිබෙ­නව නම්, තමන් වෙනු­වෙන් ඉදි­රි­පත් වෙලා කතා කරන්න. වෙන කෙනෙක් ඉදි­රි­පත් නොක­ළයි කියලා තමන් ඉදි­රි­පත් නොකි­රීම සාධා­රණ තර්ක­යක් නෙවෙයි.

නුවන් කොඩි­කාර