පවතින වර්ෂාවත් සමඟ මී උණ ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, ජලය එකතු වන හා කුඹුරුවල වැඩ කටයුතු සිදු කිරීමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එසේම පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.








