අධික වර්ෂාපතනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය අද (25) වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය ඉදිරි පැය 24 තුල තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන අතර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටිනවා.








