රණ­වි­රු­වන්ගේ ඉල්ලී­ම්ව­ලට ආණ්ඩුව මැදි­හත් විය යුතුයි

වීරෝ­දාර රණ­වි­රු­වන් කළ කැප­කි­රීම අගය කර­මින් ඔවුන්ගේ සාධා­රණ ඉල්ලීම් සඳහා ආණ්ඩුව මැදි­හත් විය යුතු බව මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා (ශ්‍රී.පො.පෙ.) පාර්ලි­මේ­න්තු­වේදී ‍ ඊයේ (24) ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ නාමල් රාජ­පක්ෂ මහතා,

“රටේ ආර්ථි­ක­යට ඉතා වැද­ගත් අමා­ත්‍යාංශ දෙකක් විවාද කර­නවා. ජනා­ධි­ප­ති­තු­මාට සුබ උපන් දින­යක් කියලා ප්‍රාර්ථනා කර­නවා. ඒ වගේම ආබා­ධිත රණ­වි­රු­වන් ගැනත් කතා කළ යුතු වෙනවා. හමුදා සහ පොලිස් රණ­වි­රු­වන්ගේ ගැට­ලු­ව­ලට ආණ්ඩුව මැදි­හත් වෙනවා ද? ඔවුන්ට අසා­ධා­ර­ණ­යක් සිදුව තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­රයා නොසි­ටි­යත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ඉන්නවා.

රණ­වි­රුවා කළ කැප­කි­රීම රණ­වි­රු­වෙක් ලෙස දකින්න. මෙතන ඉන්නේ 14,000ක් වැනි පිරි­සක්. සාධා­රණ ඉල්ලී­ම්ව­ලට ඇහු­ම්කන් දෙන්න. ඊට ප්‍රායෝ­ගික විස­ඳු­මක් ලබා­දෙන්න. පාර­වල් සම්බ­න්ධ­යෙන් කතා කරාම එදා කාපට් කන්න ද කියා ඇසුවා. 2005න් පසුව පාර­වල් හැදුවා. 76 වස­රක ශාප­යක් ගැන කිය­නවා. අධි­වේගී කිලෝ­මී­ටර් 250ක් හදා තිබෙ­නවා. ඒ සහ බී ශ්‍රේණියේ මාර්ග කිලෝ­මී­ටර් 25,000ක් හදා තිබෙ­නවා. දින­කට කිලෝ මීටර් 12.7ක් ඉදි­කර තිබෙ­නවා.

අවු­රුදු 9ක් සහ දින 50ක කාලය තුළ ඒ කට­යුතු සිදුව තිබෙ­නවා. ඒ වගේම ග්‍රාමීය නිවාස 20,000ක් ඉදි­කර තිබෙ­නවා. 68,000ක් කොළඹ නග­රයේ පැල්පත් නිවාස තිබෙ­නවා. වතු කියන නම ඉවත් කොට මහල් නිවා­ස­ව­ලට යන්න කට­යුතු කළා. 2020 වන විට 18,000ක් පදිංචි කර තිබෙ­නවා.”