කොළඹ – බදුල්ල මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඊයේ (24) රාත්‍රියේ ඇද හැලුණු වැසිත් සමඟ බෙරගල සහ හපුතලේ අතර හල්දුම්මුල්ල කදිරේෂන් කෝවිල අසලින් මාර්ගයට පස්කන්දක් කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර, පසුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එක්ව එක් මංතීරුවකට පමණක් මාර්ගය විවෘත කිරීමටයි පියවර ගෙන තිබුණේ.