මේ වසරේ ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසයි
එසේම 18,000 කට වැඩි සමාගම් ප්‍රමාණයක් අලුතින් බදු ගෙවීම සඳහා මේ වසරේ (2025) මේ දක්වා ලියාපදිංචි කරගත් බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය
මෙසේ අලුතින් බදු දැලට එකතුකරන්නන් සියලු දෙනා වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති බව ද ඇය සඳහන් කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (24 පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළා.
තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 12 සීමාව ද, බදු ගෙවීම සඳහා ලියාපදිංචි සමාගම් ප්‍රමාණය 118,000 ද සහ වැට් බදු සඳහා ලියාපදංචි ප්‍රමාණය 30,000 ද ඉක්මවා ගොස් ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.








