ඉදිරියේදී පාසල් වෑන් රථ සඳහා CCTV පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත්, ඉදිරියේ දී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








