මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

යාවත්කාලීන කිරීම: පෙර ප්‍රකාශයක් සංශෝධනය කරමින්, අබුඩාබි සිට පැමිණි මැලේසියානු ජාතිකයෙකුගෙන් කොකේන් කිලෝග්‍රෑම් 10 ක් නොව කිලෝග්‍රෑම් 5 ක් අත්අඩංගුවට ගත් බව රේගුව දැන් වාර්තා කරනවා.

මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 250 කට ආසන්න යැයි ගණන් බලා තිබේ.

================

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී කොකේන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් පමණ සොයාගත් බවයි එම නිලධාරීන් සඳහන් කළේ.