අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා ඊයේ (23) දින පෙ.ව. 6.00 ට නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.
ඔය ඉවුරු ආසන්නයේ සිටින අය සුරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම සහ පහත් බිම්වල ගමන් කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවත්, ගංවතුර අවදානම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලා සිටී.








