ඖෂධ රැසකට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවත්, එම මිලට වඩා වැඩි මිලකට ඒවා අලෙවි කරන පුද්ගලයෙකු හෝ ආයතනයක් සිටී නම්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දීමක් සිදුකොට තිබෙනවා.
2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව දැනටමත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහතික කර ඇති ඖෂධවල උපරිම සිල්ලර මිල ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ www.nmra.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ඒ පිළිබඳව දැනුවත් විය හැකි බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.








