මාතර බ්‍රවුන්හිල්ස් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පැවති නඩුව ලබන වසරේ මැයි 22 වනදා දක්වා කල් දමා තිබෙනවා.
මෙම නඩුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අතර, එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කර තිබුණේ දැනට විදෙස්ගතව සිටින හිටපු අමාත්‍යවරයාට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් අද දිනයේදී අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බවටයි.
මේ අතර, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්ද මල්ලවාරච්චි යන විත්තිකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන කැරම්බෝඩ් නඩුව ලබන පෙබරවාරි 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනයේ අරමුදල් වලින් කැරම්බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට ලබාදීම තුළින් රුපියල් මිලියන 37 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
එහිදී විත්තියේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය පෙබරවාරි මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නියම කළා.







