ලෝක වෙළෙඳපොළේ රත්රන් මිලෙහි යළිත් කැපී පෙනෙන වැඩිවීමක් සිදුවී තිබෙනවා.
ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඩොලර් 4,120 පසුකර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙරට රත්රන් මිල ද ඉහළ ගොස් ඇති අතර, අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක් රුපියල් 7,000 කින් ඉහළ ගොස්, නව මිල රුපියල් 300,600 ක් ලෙස සඳහන් වුනා.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී රුපියල් 317,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල, අද වන විට රුපියල් 325,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටි වීදිය රත්රන් වෙළෙඳපොළ සඳහන් කරන්නේ.








