අයවැයට පෙර විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (06) විශේෂ වැඩමුළුවකට කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද සවස 2.00 ට කොළඹදී මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ.

රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.