චීන නියෝජිත පිරිස ‘කාබන් ප්‍රමිති සහයෝගීතාව සම්බන්ධ සාකච්ඡාව පුළුල් කිරීමේ උපදෙස්’ යන යෝජනාව ලෝක වෙළෙඳ සංවිධානයට ඉදිරිපත් කරයි.
පසුගිය 4 වැනිදා ජිනීවා හිදී පැවති එම සංවිධානයේ වෙළඳ හා පරිසර කමිටුවේ රැස්වීමකදී එය ඉදිරිපත් කෙරිණ.
එම යෝජනාව ගෝලීය කාබන් ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරමින්, සහයෝගීතාවයෙන් වෙළඳාම සහ දේශගුණය සුසංයෝගයෙන් සංවර්ධනය කිරීම සඳහා මාර්ගයක් ඉදිරිපත් කර ඇත. අප්‍රිකානු, කැරිබියන් සහ පැසිෆික් රටවල් කණ්ඩායම, ඌණ සංවර්ධිත රටවල් කණ්ඩායම, ඇමරිකාව, යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු සාමාජිකයෝ 25 ක් එම යෝජනාව පිළිබඳ සාකච්ඡාවට සහභාගී වූහ. එම යෝජනාවේ තිරසරබව හා ඇතුළත්බව අදාළ පාර්ශවයන්ගේ පොදු එකඟතාවන්ට ලක්විය.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී චීනය ප්‍රකාශ කළ 2035 දේශගුණික ක්‍රියාමාර්ග ඉලක්කය සාක්ෂාත් කර ගැනීම එම යෝජනාවේ අරමුණ බව චීන නියෝජිත පිරිස පවසා ඇත. ගෝලීය දේශගුණික පාලනය සහ සාධාරණ හා ඵලදායී බහුපාර්ශ්වික පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු කෙරේ.








