මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වාදී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන GovPay ඔස්සේ මේ වනවිට රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇත. බදු, දඩ ඇතුළු රජයට අදාළ විවිධ ගනු-දෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වාදී ඇති අතර ඊයේ වනවිට මෙමගින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇතැයි අමාත්‍යාංශය අනාවරණය කරයි. මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසු කිරීම අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ.
සුභාෂිණී සේනානායක








