පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මේ වන විට ලක්ෂ 15 ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දෙපාර්තමේන්තුව වෙත දෛනිකව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන අනෙකුත් සාමාන්‍ය ඉල්ලුම්කරුවන් වෙතද බාධාවකින් තොරව අඛණ්ඩව ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව සඳහන්.
පසුගිය වසරේදී ඇණවුම් කරන ලද පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිලියන 2.3 ක ප්‍රමාණයක් මෙම වසරේ ජුනි මාසය දක්වා දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, දැනට එම කාඩ්පත් කළමනාකරණය කර ගනිමින් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුවේ ඉදිරි අවශ්‍යතාවය සඳහා පෙර මුද්‍රිත හිස් කාඩ්පත් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර, මේ වන විට ලංසු කැඳවමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








