යාපනය-පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කර ගනිමින්, ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී, ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඇති වී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධක විසඳීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබෙන අතර, තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත් කර ගැනීම පිළිබඳවද කරුණු සමාලෝචනය කර තිබෙනවා.
සිවිල් දේපළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපනය කිරීම අවසන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








