රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් 8547 ක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් 8547 ක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාල රාමු හඳුනාගෙන, ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, 2025 ඔක්තෝම්බර් 02 දින පැවති එම කමිටු රැස්වීමේදී කරනු ලැබ ඇති නිර්‌දේශ පරිදි මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images news images