යාපනයේ නගර සභාවේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.
මෙම සිදුවීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා උතුරු පළාතට හමුදාවෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින බවට චෝදනාවක් එල්ල කර තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ පියා වන යාපන නගර සභාවේ මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතා දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කිරීමද විශේෂත්වයකි.








