ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන් වැනි කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න ආදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදී ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදි. මෙය 2024 අදාළ කාලය හා සසඳන විට 7% වැඩි වීමක් බව ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත. එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33%ක වර්ධනයකි. මෙමඟින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරගකාරිත්වය වැඩිදියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපායමාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
Òඅපනයන ක්ෂේත්රයේ වර්ධනය මඟින් ගෝලීය වෙෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීමට සහ වෙෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරනවා. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපීපෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර තිබෙනවා.
2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13ට ළගාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියක්. තුන් වැනි කාර්තුව අවසන් වන විට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් 72%කට වඩා දැනටමත් අත්පත් කරගෙන ඇති නිසා අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිනවා.Ó
මැණික් ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තු ආදායම ඇතුළුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්තවලට අනුව 2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙෙළඳ භාණ්ඩ අපනයන පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව15.02%ක වර්ධනයක් ලබා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,163.66ක් දක්වා ළඟා වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා පෙන්වා දී තිබේ.
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය සඳහා වෙෙළඳ භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් මිලියන 10,240.52ක් වූ අතර එය 2024 එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.59%ක වැඩිවීමකි.
මේ අතර, සේවා අපනයන සමස්ත අපනයන වර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. 2025 සැප්තැම්බර් මාසයේදී, සේවා අපනයන මඟින් ලැබෙන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 306.09ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසරේ පළමු කාර්තු තුන පුරා සේවා අපනයන 4.48%ක වැඩිවීමක් ලබා ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,746.03ක් වේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.
නෙරංජලා වික්‍රමසිංහ








