රිමාන්ඩ් භාරයේ පසුවන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණී නැමැත්තිය ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා.