දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතාව උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.
‘Korean Language Examination Center Ubiquitous-based Test (UBT)’ ලෙසින් මෙම මධ්‍යස්ථානය නම් කර ඇති අතර, අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කර තිබෙනවා.
නව විභාග මධ්‍යස්ථානය ‘553/1, නව නුවර පාර, තලාහේන’ යන ලිපිනයේ පිහිටා ඇති අතර, එහිදී කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.