අත්අඩංගුවට ගත් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔවුන් අද (21) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
පෙර දිනයේ පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මත, කඹුරුපිටිය, මාපලානේ පිහිටි රුහුණු විශ්ව විද්‍යාලයට අයත් කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (20) දහවල් ගැටුමක් හටගෙන තිබුණා.
එම ගැටුමෙන් තුවාල ලැබූ විශ්ව විද්‍යාල සිසුන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.