ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදුන් තවත් 04 ක් අත්අඩංගුවට

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් තවත් පුද්ගලයන් 04 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර ද ඇයට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.