මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000 කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා.
ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 356,000 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
සෙනසුරාදා දිනයේදී රු. 390,000 ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල, අද වනවිට රු. 385,000 ක් දක්වා පහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කරන්නේ.