ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (20) දින සහභාගී වනවා.
ඔක්තෝබර් 20 සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සමුළුව වන අතර, එහිදී වත්මන් ගෝලීය වෙළෙඳාම, මූල්‍ය, ආයෝජන, තාක්ෂණික ප්රවණතා සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 195 ක රාජ්‍ය නායකයින්, වෙළෙඳ හා ආර්ථික අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින්, සිවිල් සමාජ සංවිධාන, සංවර්ධන බැංකු, මූල්‍ය හා ගෝලීය වෙළෙඳ සංවිධාන වල නියෝජිතයින් සහභාගී වනවා.
මෙය එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අතර, එහිදී සාමාජික රටවල් 195 ක වත්මන් වෙළෙඳ හා සංවර්ධන ගැටළු තක්සේරු කරමින්, ඉදිරි වසර හතර සඳහා ගෝලීය ප්රතිපත්තීන් සකස් කිරීම සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.