පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සඳහා රජයේ ප්‍රතිපත්තියට අනුකූලව පියසි මත සූර්ය පැනල (Roof Top Solar) සඳහා සහ බිම මත සවි කරන ලද සූර්ය පැනල (Ground Mounted Solar) සඳහා ඉතා ආකර්ෂණීය ගාස්තුවක් – එනම්: ඒකකයක් සඳහා රුපියල් 45.80ක් ගෙවීමට රජය කටයුතු කර තිබේ.
මෙහිදී දිවා කාලයේ ජනනය කරන සූර්ය බලය ගබඩා කර, රාත්‍රී කාලයේදී වැඩි මිලකට ලංවිමට අලෙවි කළ හැකිය. මෙය අපතේ යන සූර්යාලෝකය ගබඩා කර එය රටට අවශ්‍ය මොහොතේදී භාවිත කිරීමට කටයුතු කළ හැකි නව ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දී ඇත.
ඒ අනුව, මෙම සුවිශේෂ නව ගාස්තු ක්‍රමවේදයට අනුව රාත්‍රී විදුලි ඉල්ලුම වැඩි කාලය තුළ (පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා) බැටරි ගබඩා පද්ධතිවලින් (BESS) මුදා හරින විදුලි ඒකකයක් රුපියල් 45.80ක මිලකට මිල දී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
මේ නව ගාස්තු ක්‍රමය හඳුන්වා දී ඇත්තේ දැනටමත් සූර්ය පැනල සවි කර ඇති Roof Top Solar සහ Ground Mounted Solar සඳහා පමණි.
තවද ඉදිරියේදී වෙළෙඳපොළ ඉල්ලුම සලකා බලා, මේ සම්බන්ධයෙන් අලුතින් ආයෝජනය කිරීමට කැමැති පාරිභෝගිකයන් හටද මෙම නව ක්‍රමය හඳුන්වාදීමට හැකි වනු ඇත.
මුලාශ්‍ර – සිළුමිණ