ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ අවසන් අදියර අද කොළඹදී ඇරඹෙයි

2025 ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

දෙදිනක් පුරා (අද හා හෙට) පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 15 ක් නිය‍ෝජනය කරමින්, පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24 ක් සහභාගි වන බවයි සඳහන් වන්නේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනයේ පැවති පළමු අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වූ අතර, එම අදියරේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම 04 වන ස්ථානයටත්, කාන්තා කණ්ඩායම 09 වන ස්ථානයට තේරී පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘C’ කාණ්ඩයෙන් තරග වදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත්ව වෙනවා.