ලෝක ආහාර දිනය අදයි

මූලික මිනිස් අවශ්‍යතාවයක් වන ආහාර පිළිබද සමස්ත ලෝකවාසීන්ගේ අවධානය දිනා ගත් ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ “වඩා හොද ආහාර සහ වඩා හොද අනාගතයක් සදහා අත්වැල් බැදගමු” යන්නයි. 1945 වසරේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර මෙරට දැනට හෙක්ටයාරයකට මෙට්්‍රක් ටොන් 4. 8 ක් ලෙස ලබා ගන්නා සාමාන්‍ය වී අස්වැන්න 2028 වනවිට මෙට්්‍රක් ටොන් 7 දක්වා ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබෙනවා.

මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පුනරුදයට අරුණලු ජාතික ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර ඒ අනුව ගොවි සමිති 500 ක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම, බිත්තර වී නිෂ්පාදනය ඉහළ දැමීම, පළිබෝධ හා වල්පාලනය අවම කර ගැනීම ආදී වැඩසටහන් ක්‍රියාත්මකයි.