මේ වසරේ පළමු භාගය තුළ මුදල් සමාගම් අංශය ශක්තිමත් ණය වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
මහ බැංකුව පැවසුවේ වාහන ආනයන සීමා ඉවත් කිරීම, රන් මිල ඉහළ යාම සහ අඩු වෙළඳපොල පොලී අනුපාතික මධ්‍යයේ මෙම තත්ත්වය වාර්තා වූ බවයි.
වාහන සහ රන් ඇපකර වශයෙන් ඇති ණය පහසුකම් එමගින් වර්ධනය වී තිබෙනවා.
කුටුම්භ සහ ආයතනික යන අංශ දෙකෙහිම ණය වර්ධනය වී ඇති අතර, ඒ සඳහා ද වෙළඳපොල පවතින අඩු පොලී අනුපාත හේතුවී තිබෙනවා.