76 වන යුධ හමුදා දිනයට සමගාමීව, බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙන බව යුධ හමුදාව පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් මේ සඳහා නිර්දේශ ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
ක්‍රියාන්විතයේදී තුවාල ලබා, රණක්ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඔවුන් මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.