ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ පරවියන් 149 ක් නාවික හමුදා භාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට කල්පිටිය දක්වා පැමිණෙමින් තිබුණු යාත්‍රාවක් තුළ සඟවා සිටියදී මෙම පරවියන් සොයා ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව, අදාළ යාත්‍රාවේ ක්‍රියාකරු සහ තවත් අයෙකු ද නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති අතර, පරවියන් 149 දෙනා වනජීවි නිලධාරීන්ට භාරදී තිබෙනවා.

මෙම එක් පරවි ජෝඩුවක් රුපියල් 50,000 – 100,000 අතර මුදලකට අළෙවි කිරීමට සුදානමින් සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.