ජපානයේ පාලක පක්ෂයේ නායිකාව ලෙස සනායි තකයිචි තේරීපත් වෙයි

ජපානයේ පාලක කන්සර්වේටිව් පක්ෂය එහි නව නායිකාව ලෙස සනායෙ ටකායිචි තෝරාපත් කර ගෙන තිබෙන අතර, ඇය ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩකඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

ඒ ඇය ජපාන ඉතිහාසයේ එම තනතුරට පත් වන ප්‍රථම කාන්තාව වෙනවා.

පළමු වටයේ ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකුට බහුතරය දිනා ගැනීමට නොහැකි වීමෙන් පසු, සෙනසුරාදා පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී ටකායිචි, හිටපු අග්‍රාමාත්‍ය ජුනිචිරෝ කොයිසුමිගේ පුත් ෂින්ජිරෝ කොයිසුමි පරාජය කිරීමට සමත් වුණා.

කොයිසුමි ජයග්‍රහණය කළේ නම්, ශතවර්ෂයකට අධික කාලයකට පසු ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වීමේ හැකියාව ඔහුට හිමි වීමට ඉඩ තිබුණා.

හිටපු ආර්ථික ආරක්ෂක අමාත්‍යවරියක් වන 64 හැවිරිදි ටකායිචි LDP පක්ෂයේ දක්ෂිණාංශික මතධාරිනියක් ලෙස සැළකෙනවා.

මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෙනසුරාදා පැවති මෙම ඡන්ද විමසීමට LDP පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 295ක් සහ සාමාජික ගාස්තු ගෙවන මිලියනයක පමණ සාමාජිකයන් පමණක් සහභාගී වූ අතර, එය ජපාන මහජනතාවගෙන් 1% කට පමණක් නියෝජනයක්.