ඇෆ්ගන් තරගයේ චරිත් ගත් තීරණ නිවැරදියි – ලසිත් මාලිංග

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක නිවැරදි තීරණගත් බව හිටපු ක්‍රීඩයෙක් ලසිත් මාලිංග පවසනවා.

එම තරගයේදී නුවන් තුෂාර, වනිඳු සහ දසුන් යොදා ගනිමින් මැද පන්දුවාරවලදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට චරිත් සමත් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නබී සහ රෂීඩ් කඩුල්ලේ සිටියදී නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීරගේ ඕවර අවසන් කර දුනිත්ව අවසන් පන්දු ඕවරයට තබාගැනීම සටන්කාමී ලෙස කඩුළු බිඳදැමීමට ගත් නිවැරදි තීරණයක් බවයි ලසිත් මාලිංග පෙන්වා දෙන්නේ.

එමෙන්ම ගිලිහී ගිය අවස්ථාව ලබාගත්තානම් චරිත්ගේ තීරණ නිවැරදි බව පසක් වනු ඇති බවයි ඔහු පවසා සිටින්නේ.

අවසන් පන්දුවාරයේදී අනපේක්ෂිත සිදුවීමක් සිදුවුවද චරිත් නිවැරදි තීරණ ගත් දක්ෂ නායකයෙක් බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි සිදුවීම් සාමාන්‍ය බවයි හිටපු ක්‍රිකට් නායකයෙක් සහ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරන්නේ.news images