“ඩිජිටල්කරණය, රට ගොඩනැගීමේ මූලෝපායක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා”: ජනපති

නටඹුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම රජයේ අවශ්‍යතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය රට ගොඩනැගීමේ මූලෝපායක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

මෙරට ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ඩිජිටල් ආර්ථික අමත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) සිදු කෙරුණා.

එම මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් පැය 24 පුරාම ක්‍රියාත්මක වන සයිබර් ආරක්ෂණ අධික්ෂණය මෙන්ම ප්‍රතිචාර පහසුකම්ද සපයනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය (Sri Lanka CERT) විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.