කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තිපුරම් මාර්ගයේ 08 ඇල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීම නිසා තරුණයෙක් මියගොස් තිබෙනවා.
අරවියර් නගර් දෙස සිට උරුත්තිපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් ඇද වැටී ඊයේ (18) රාත්‍රියේදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ, උරුත්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඇඟලුම් ආයතනයක සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකින් ඇද වැටී මෙම අනතුර සිදුවී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.