ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලය සතු බලපත්‍රයක් උපයෝගී කරගනිමින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් විසිපන්දහසක් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් සිදුකළ බව කියන සැකකාර පුද්ගලයකු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද (17) නියෝග කළා
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නැමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ කිසියම් නිලධාරියකු මෙම වංචා සහගත සිද්ධියට සම්බන්ධ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.
සිද්ධිය සාමාන්‍යයෙන් අධිකරණයට කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළව උසස් නිලධාරියෙකුගේ බැංකු ගිණුමකට ලක්ෂ 50ක මුදලක් බැර වී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
බඩ ඉරිඟූ මෙට්‍රික් ටොන් 25000 ක් 2023 වසරේදි ආනයනය කිරීම සඳහා රජය මගින් පුද්ගලික සමාගම්වලට අවසර ලබාදී ඇති බවද විමර්ශන නිලධාරී වූ අධිකරණයට දැන්වුවා.
ඒ අනුව සැකකරුට අයත් සමාගම පාකිස්තානයේ ටී.ආර්.සී ග්ලොබල් නමැති සමාගමක් මගින් එම බඩ ඉරිඟු ආනයනය කර ඇති බවද විමර්ශන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූවා.
එසේ ගෙන්වන ලද බඩ ඉරිගු කිලෝ එකක් වෙනුවෙන් රුපියල් තුනක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් සැකකාර පුද්ගලයාට අයත් සමාගම එසේ ගෙන්වන ලද බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 13500 ක් වෙනුවෙන් රුපියල් 121864655 ක මුදලක් නොගෙවා රජයට පාඩුවක් සිදුකර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
විමර්ශන නිලධාරීන් හා සැකකාරු පාර්ෂවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු මෙම 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත්ත කළ අතර ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල රාජ්‍ය නිලධාරීන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ලබන 19 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.