අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවී තිබෙනවා.
ඒ අනුව, අද (17) දහවල් ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.
මිද්දෙණියේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.