දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා 2025 වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, විභාගය සඳහා අවශ්‍ය අයදුම්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk මඟින්, 17 වැනිදා දක්වා ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.
මේ සඳහා වයස අවුරුදු 18 – 39 අතර පුද්ගලයන්ට (1985 සැප්තැම්බර් 15 සිට 2007 සැප්තැම්බර් 14 අතර උපන් අයට) අයදුම් කළ හැකි අතර, අයදුම්කරුවන් වර්ණ අන්ධතාවයෙන් තොර, නඩු නිමිත්තක වරදකරුවෙකු වී දඩ මුදල් ගෙවීමක්, සිරගතවීමක් හෝ බරපතළ වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, කොඳු ඇට පෙළේ ආබාධ රහිත, ඇඟිලි අඩු හෝ ඉවත් කර නොමැති, දකුණු කොරියාවෙන් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති සහ E-9 හා E-10 වීසා කාණ්ඩ යටතේ වසර 05 කට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයන් විය යුතු බව සඳහන්.
මෙම විභාගය සහ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හරහා ලබාගත හැකි බවද වැඩිදුරටත් සඳහන්.