ජාත්‍යන්තර ඕසෝන් දිනය අද

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘විද්‍යාවේ සිට ගෝලීය ක්‍රියාකාරිත්වය කරා’ යන්නයි.

ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සඳහා වන වියානා සම්මුතියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් මෙම සැමරුම සිදු කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළා.

ශ්‍රී ලංකාව මේ වන විට ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට සහ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.