ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස, A කාණ්ඩය නියෝජනය කරන ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් (UAE) කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 09 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට UAE කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් පන්දුවාර 13.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 57 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී UAE කණ්ඩායම වෙනුවෙන් Alishan Sharafu ලකුණු 22 ක් හා නායක Muhammad Waseem ලකුණු 19 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Kuldeep Yadav කඩුලු 04 ක් හා Shivam Dube කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පහසු ජයක් වාර්තා කරමින්, පන්දුවාර 4.3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.