විරෝ­ධතා අත­ර­තුර නේපා­ලයේ බන්ධ­නා­ගාර රැඳ­වූවෝ 13,500ක් පලා යති

නේපා­ලයේ ශිෂ්‍ය විරෝ­ධතා අත­ර­තුර එරට බන්ධ­නා­ගා­ර­ව­ලින් රැඳ­වූ­වන් 13,500කට අධික පිරි­සක් පලා ගොස් ඇතැයි එරට පොලී­සිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බට­හිර නේපා­ලයේ බන්ධ­නා­ගා­ර­යක ආර­ක්ෂක නිල­ධා­රීන් සමඟ ඇතිවූ ගැටු­ම­කදී බාල­ව­ය­ස්කාර රැඳ­වූ­වන් පස්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. විරෝ­ධතා ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් පලා ගිය රැඳ­වූ­වන් නැවත අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා යුද හමු­දාව දැවැන්ත මෙහෙ­යු­මක් ආරම්භ කර ඇති අතර, නැවත භාර වන ලෙස නිවේ­ද­න­යක් නිකුත් කර ඇතැ­යිද වාර්තා වේ.