නේපා­ලය හමු­දාව යට­තට රට­පුරා ඇඳිරිනීතිය

දින දෙකක් පුරා පැවැති ශිෂ්‍ය විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් පසු නේපා­ලයේ පාල­නය සිය­තට ගත් බව එරට යුද හමු­දාව නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා අත­ර­තුර පුද්ග­ල­යන් 22 දෙනකු ඝාත­න­යට ලක්වී­මත්, විරෝ­ධ­තා­ක­රු­වන් විසින් රජයේ ආය­තන සහ මැති­ ඇ­මැ­ති­ව­රුන්ගේ නිවාස සහ දේපළ විනාශ කිරී­මත්, රට අරා­ජි­ක­ත්ව­යට පත්වීම වැළැ­ක්වී­ම­ටත් එම පිය­වර ගත් බව නේපාල යුද­හ­මු­දා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් නිවේ­ද­න­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. කත්මණ්ඩු නග­රය යථා තත්ත්ව­යට පත් කිරී­මට සහ සාමය පව­ත්වා­ගෙන යෑමේ අර­මු­ණින් සියලු ප්‍රදේශ ආව­ර­ණය වන පරිදි හමු­දාව යොදවා ඇති අතර, රට පුරා ඇඳිරිනීතිය පැන­වී­මට ද පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මේ අතර අග­මැ­ති­ව­රයා ඇතුළු කැබි­නට් ඇමැ­ති­වරු රැසක්ම ඉල්ලා අස්වීම හේතු­වෙන් අන්ත­ර්කා­ලීන රජ­යක් පිහි­ටු­වී­මට පිය­වර ගත යුතු බව විරෝ­ධ­තාව මෙහෙය වූ Generation Z තරුණ කණ්ඩා­යමේ නියෝ­ජි­ත­යන් ඊයේ ආර­ක්ෂක අංශ ප්‍රධා­නින් සමඟ පැවැති සාක­ච්ඡා­වේද ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මැති­ව­ර­ණ­යක් පව­ත්වනතුරු එරට හිටපු ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යකු හෝ හිටපු අග­වි­නි­සු­රු­ව­ර­යකු පත් කළ යුතු බවට තරුණ කණ්ඩා­යමේ නියෝ­ජි­ත­යන් සඳ­හන් කර ඇතැයි  ද වාර්තා වේ. ඒ සඳහා තරුණ කණ්ඩා­යමේ නියෝ­ජි­ත­යන් විසින් හිටපු ප්‍රධාන විනි­සුරු සුෂිලා කාර්කිගේ නම යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නව­ත්වන ලෙස යුද­ හ­මු­දා­ප­ති­ව­රයා තරුණ කණ්ඩා­ය­මෙන් ඉල්ලී­මක් කර ඇතැ­යිද, විරෝ­ධතා අත­ර­තුර තරු­ණ­යන් විසින් අවි­ආ­යුධ සහ අත් බෝම්බ හෝ වෙනත් හමුදා උප­ක­රණ අත්පත් කර­ගෙන තිබේ­නම් ඒවා වහාම භාර­දෙන ලෙස මහ­ජ­න­තා­වට නියෝග කර­මින් නේපාල හමු­දාව ඊයේ නිවේ­ද­න­යක් ද නිකුත් කර තිබේ. එවැනි නීති­වි­රෝධී ආයුධ ළඟ­ තබා ගන්නා ඕනෑම පුද්ග­ල­ය­කුට එරෙ­හිව පිය­වර ගන්නා බවට ද හමු­දාව අන­තුරු අඟවා ඇතැයි වාර්තා වේ.

විරෝ­ධ­තා­ක­රු­වන් ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් පූර්ණ පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් මහ­කො­ම­සා­රි­ස්ව­රයා ද ඉල්ලී­මක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. නේපා­ලයේ සිවිල් ගුවන් සේවා අධි­කා­රිය සහ ආර­ක්ෂක ප්‍රධා­නින් අතර පැවැති සාක­ච්ඡා­ව­කින් පසු කත්මණ්ඩු නුවර ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ නැවත විවෘත කිරී­මට පිය­වර ගෙන තිබේ.