රයිස්, කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරේ

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දමා ඇති  බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කරන බවයි ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කර සිටියේ.

ඒ අනුව, ව්‍යංජන සහිත බත් පාර්සල්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් ආදී ආහාරවල මිල රුපියල් 25කින් පහළ දමන බව ඔහු ප්‍රකාශ කළා.

එසේම, බිත්තර රොටී, පරාටා, සහ Short Eats මිල ද රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.