ඊයේ (05) රාත්රී 11.45 ට පමණ කොළඹ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.
මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔහු 26 හැවිරිදි, කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ අතර, මරදාන ප්රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (06) අලුයම 1.40 ට පමණ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.