අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප.ව. 2.00 න් පමණ පසුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි දැක්වෙන්නේ.
අද දින (06) දහවල් 12:08 ට අහුන්ගල්ල, ඇල්පිටිය, අමුගොඩ, තවලම, දෙනියාය, ඌරුබොක්ක, ඇඹිලිපිටිය, සූරියවැව, බෙරලිහෙල සහ ගල්කඩුව යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන්ව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.