අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔහු අද පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
2010 අගෝස්තු 26 හෝ ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටියදී අතුරුදහන් වූ පුද්ගලයකු සම්බන්ධ නඩුවක් සඳහා, එවකට නාවික හමුදා බුද්ධි අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.