රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදු කරන බවට අමෙරිකාව නැවතත් අනතුරු අඟවා තිබෙනවා.
ඔහුගේ Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.
රුසියානු ප්රහාර හමුවේ යුක්රේන වැසියන් කොපමණ පිරිසක් මිය යන්නේද යන කාරණය පිළිබඳව ඉන්දියාවට තැකීමක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නා ප්රධානතම රටවල් අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ.