වසරේ මුල් මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය මිලියන 24,000 ඉක්මවයි..

වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, මේ වසරේ පළමු මාස 6 තුළ වරාය මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 24, 418 ක් බවයි.

එය පසුගිය වසරට සාපෙක්ෂව 66%ක වර්ධනයකි.

පසුගිය වසරේ වරාය මෙහෙයුම් ලාභය සටහන් වි ඇත්තේ රුපියල් මිලියන 14,691 ක් ලෙසයි.